Saturday, June 22, 2013

1 - ලිනක්ස් ආරම්භය

Posted in ,









  ගොඩක් දෙනා තවමත් විශ්වාස කරන දෙයක් තමයි ලිනක්ස් කියන්නේ ඉගෙනගැනීමට ඉතාමත් අමාරු සහ ලිනක්ස් පද්ධතියක ක්‍රියාකාරිත්වය තේරුම්ගත හැක්කේ අති දක්ෂ පිරිසකට පමණක් කියන එක. එත් ඒක ඒතරම් අමාරු දෙයක් නොවන බව මතක තබාගත යුතුයි. එයට හොඳම උදාහරණය විදිහට පෙන්නන්න පුළුවන් දෙයක් තමයි වර්තමානයේ ලිනක්ස් පද්ධති නිවසේ සහ කාර්යාල භාවිතයට ගැනීම අතින් සීග්‍රයෙන් වැඩි වෙමින් තිබෙනවා. මේ ලිපි පෙලෙන් මම ඕගොල්ලන්ට කියන්න බලාපොරොත්තු වෙනව ලිනක්ස් කියන්නේ කොච්චර ලේසි සහ විනෝදකාමී මෙහෙයුම් පද්ධතියක් ද කියන එක. ඒ වගේම ඕගොල්ලන්ගේ සියලුම එදිනෙදා වැඩකටයුතු මෙය මගින් කරගන්න පුලුවන්කමත් තියෙනවා.

ඉතිහාසය

ලිනක්ස් වල ප්‍රසිද්ධිය සහ ඉතිහාසය දැනගන්න නම් අපිට අදින් අවුරුදු 30ක් විතර අතීතෙට යන්න වෙනවා.

ඒ කාලේ එච්චර පරිගණක තිබුනෙ නෑ කියල ඔයාල දන්නවා නේ. එහෙන් මෙහෙන් තිබුනත් තිබ්බේ ගෙයක් විතර ප්‍රමාණෙන් විශාල ඒවා තමයි. ඒ පරිගණකවල ප්‍රමාණය විශාල ප්‍රශ්නයක් වෙලා තිබ්බ වගේම ඊටත් වඩා ලොකු  ප්‍රශ්නයක් තිබ්බ. ඒ තමයි ඒ එක එක පරිගනකෙට තමන්ටම ආවේනික මෙහෙයුම් පද්ධතියක් තමයි තිබ්බේ. ඒකේ ගැටලුව තමයි එක පරිගණකයකින් කරන දෙයක් අනිත් පරිගණක වලට සහය නොදැක්වීම. මේක ඒ පරිගණක පාවිච්චි කරන අයට ලොකු ගැටළුවක් වෙලා තිබ්බේ.

වර්ෂ 1969දී ඇමෙරිකාවේ Bell Labs සමාගම මේකට විසඳුමක් හොයන්න පටන්ගත්තා. මේකට විසඳුම විදිහට එයාලට අලුත් මෙහෙයුම් පද්ධතියක් නිර්මාණය කරන්න පුළුවන්කම ලැබුනා. එය

1. ඉතාමත් සරල 
2. assembly code වෙනුවට C Programming language එකෙන් නිර්මාණය වුන 
        - මේ සඳහා Dennis Ritchie හා Ken Thompson යන මහත්වරුන් දෙදෙනා මූලිකත්වය ගෙන කටයුතු කරනු ලැබුවා.
3. නැවත භාවිතයට ගැනීමට හැකියාව ඇති

මෙහෙයුම් පද්ධතියක් වුන අතර ඔවුන් මෙම ව්‍යාපෘතිය "UNIX" ලෙස නම් කරනු ලැබුවා.

මෙහිදී C Programming language එකෙන් නිර්මාණය වුන මෙම කේතය යුනික්ස් කර්නලය ලෙස හඳුන්වනවා.

C Programming language එක නිර්මාණය කලේද මෙම UNIX මෙහෙයුම් පද්ධතිය නිර්මාණය කිරීම සඳහාම වීමත් මෙහිදී විශේෂත්වයක් වෙනවා.


Thompson (left) and Ritchie (center) receiving the National Medal of Technology from President Clinton
for their development of generic operating systems theory and specifically for the implementation of the UNIX operating system.


මුලදී මෙම UNIX මෙහෙයුම් පද්ධතිය භාවිත වුනේ විශාල Mainframe පරිගණක වල සහ විශ්ව විද්‍යාල , රජයේ විශාල මුල්‍ය සමාගම් වැනි ස්ථාන වල පරිගණක වල පමණයි.

පසුව කුඩා පුද්ගල පරිගණක නිර්මාණය වුන අතර 80 දශකයේදී බොහෝ නිවෙස් වල පරිගණකයක් භාවිත  වුනා. ඒ කාලේ වෙනකොට එම පරිගණක වලට ගැලපෙන විදිහට UNIX සංස්කරණ කිහිපයක්ම නිර්මාණය වුනත් ඒවා එතරම් කාර්යක්ෂම නොවුන නිසා ගොඩක් දෙනා ඒ වෙනුවට  MS DOS හා WINDOWS 3.1 සංස්කරණ භාවිතයට හුරු වුනා.


මෙම පාඩමෙන් ඔබට දැනුමක් ලැබුන නම් ඔබට මෙය ප්‍රයෝජනවත් කියල හිතෙනවා නම් අපිව දිරිමත් කිරීම සදහා comment එකක් දාලම යන්න, හොඳ හෝ නරක අදහස් සියලු දේ අපට වැදගත් අලුත් පාඩමකින් නැවත හමුවෙමු ,සුබ දවසක්!!!



4 comments :

  1. අපුරුයි. උණුසුම් සුඵ පැතුම්. දිගටම කරගෙන යන්න

    ReplyDelete
    Replies
    1. අදහස් දැක්වුවාට බොහොම ස්තුතියි..

      Delete
  2. Replies
    1. අහන්න ලැබීමත් සතුටක් :)

      Delete