2 - Linus සහ ලිනක්ස්
Posted in Introduction to Linux , Linux
ලිනක්ස් ඉගෙන ගැනීමට කලින් අපිට එක් විශේෂ පුද්ගලයෙක් පිලිබඳ කථාකිරීමට වුවමනායි. ඔහු
නමින්,Linus Benedict Torvalds වේ. ඔහු උපත ලැබුවේ වර්ෂ 1969 දෙසැම්බර් 28 වන දිනය. ඒ ෆින්ලන්තයේ හෙල්සින්කි නුවරදීය. ඔහු පුවත්පත් කලාවේදී Anna සහ Nils Torvalds ගේ පුතු විය. ඔහු හෙල්සින්කි විශ්ව විද්‍යාලයේ පරිඝනක විද්‍යාව පිලිබඳ පස්චාත් උපාදිය හැදෑරිය. එකල ඔහුගේ අධ්‍යාපන කටයුතු වලට බාධාවක් සිදුවිය. ඒ එකල ෆින්ලන්තයේ අනිවාර්ය වූ හමුදා සේවයේ යෙදීමට සිදුවූ නිසාය. එහිදී මාස 11ක නිලධාරී පුහුණුවකින් පසු ඔහු නැවතත් වර්ෂ 1990දී ඔහුගේ විශ්ව විද්‍යාල ගමන ආරම්භ කළේය.
වර්ෂ 1991දී Linus විසින් නව ව්‍යාපෘතියක් ආරම්භ කළේය. ඒ ඔහුගේ විශ්ව විද්‍යාලයේ විශාල UNIX සර්වර් පරිඝනක වෙත ප්‍රවේශ වීම සඳහායි. ඔහු මෙම වැඩසටහන GNU C කම්පයිලරය භාවිත කරමින් නිර්මාණය කිරීම ආරම්භ කළේය. එහිදී ඔහු පිළිතුරු අපේක්ෂාවෙන් ප්‍රශ්න කිහිපයක් ඉදිරිපත් කරන ලදී. පහතින් දැක්වෙන්නේ Linus විසින් වර්ෂ 1991දී comp.os.minix හි පළ කල පැණයකි.
From: torvalds@klaava.Helsinki.FI (Linus Benedict Torvalds) Newsgroups: comp.os.minix Subject: Gcc-1.40 and a posix-question Message-ID: <1991Jul3.100050.9886@klaava.Helsinki.FI> Date: 3 Jul 91 10:00:50 GMT Hello netlanders, Due to a project I'm working on (in minix), I'm interested in the posix standard definition. Could somebody please point me to a (preferably) machine-readable format of the latest posix rules? Ftp-sites would be nice. |
මෙම ව්‍යාපෘතිය අවසානයේ ඔහුට අවබෝධ වුණා ඔහු විසින් නව මෙහෙයුම් පද්ධති කර්නලයක් (Linux Kernel) නිර්මාණය කර ඇති බව. මෙහි ඇති තවත් විශේෂ කරුණක් වන්නේ වර්ෂ 1991 අගෝස්තු 25 වන දින ඔහු මෙම පද්ධතිය ප්‍රසිද්ධ කරන විට ඔහු වයස අවුරුදු 21 ක ශිෂ්‍යයෙක් වීමයි.
වර්තමානයේ භාවිත වෙන ලිනක්ස් කර්නලයේ වැඩි කොටසක් C Programming Language එකෙන් සහ Assembly Language එකෙන් නිර්මාණය වී තිබේ. එයින් Linus ලියූ කර්නලයේ කේත අන්තර්ගත වන්නේ 2% ක් වැනි සුළු ප්‍රමාණයක් වේ.
මෙම ලිපියෙන් ඔබට දැනුමක් ලැබුන නම් ඔබට මෙය ප්‍රයෝජනවත් කියල හිතෙනවා නම් අපිව දිරිමත් කිරීම සදහා comment එකක් දාලම යන්න, හොඳ හෝ නරක අදහස් සියලු දේ අපට වැදගත්අලුත් ලිපියකින් නැවත හමුවෙමු, සුබ දවසක් !!!
0 comments :